27 C
Colombo
Wednesday, May 18, 2022

පළමු වැනිදා සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට කැඳවන්න තීරණයක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

- Advertisement -

ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බවට දිනපතා පළවන පුවත්පත් කිහිපයක් හා සමාජ මාධ්‍ය තුළ තොරතුරු වාර්තා කර තිබුණා.

එහි සඳහන් වූයේ ලබන මස පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන් උදෑසන 9 ටත්, පෞද්ගලික අංශයේ සේවකයන් උදෑසන 10 ටත් කැඳවීම සඳහා අවසර දී ඇති බවයි.

කෙසේ වෙතත් අද (28) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...