24 C
Colombo
Sunday, February 16, 2025

අපේ අතේ කුණු නෑ, අපේ අතේ ලේ නෑ – නාමල්

- Advertisement -

යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන කමිටුවෙන් වැටුප් ලබාගෙන ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා අද වනවිට පොලිස් භාර ඇමතිවරයා බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අත්අඩංගුවට පත් සිය සොහොයුරා යෝෂිත රාජපක්ෂගේ සුව දුක් විමසීමට CID පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදියි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“අද මල්ලි ආවා මට කලින්. එයාව බලලා යන්න ආවා. ඉතින් බොහොම හොඳයි පොලිසිය සෙනසුරාදා නිවාඩු දවසේ උදේම නැගිටලා නීතිපති උපදෙස් ක්‍රියාත්මක කරන්න කොළඹට ඇවිල්ලා, නැති හින්දා හයිවේ එකට යන පාරේ දිගේ ගිහින් තංගල්ලට ගිහිල්ලා බෙලිඅත්ත එක්සිට් එකේ නවත්තලා කට උත්තරයක් ලියාගෙන ජනතාවගේ බදු මුදල්වල වියදමෙන් පොලිසියේ වාහන කිහිපයක දාලා ආරක්ෂාවත් දීලා කොළඹ CIDයට ගෙනල්ලා දැන් කට උත්තර ලියනවා. ඉතින් පොලිසිය වැඩකරන්න ඕනේ ඒ විදිහට තමයි.

ඉතින් යහ පාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන කමිටුවෙන් පඩි අරගෙන ලේකම්වරයා විදිහට කටයුතු කරපු පුද්ගලයා අද පොලිස් භාර ඇමතිවරයා බවට පත් වෙලා තියෙනවා. දැන් අපි දැක්කා එතුමාට උපදේශකවරුත් වැඩි කරන් තියෙනවා ජනාධිපති ලේකම්තුමා හරහා, වාහනත් වැඩි කරගෙන තියෙනවා, එතුමාගේ තෙල් ප්‍රමාණයත් වැඩිකරගෙන තියෙනවා. ඉතින් දැන් යහපාලන ආණ්ඩුවේ ඉතුරු ටික ක්‍රියාත්මක වෙනවා.

පරණ ෆයිල් ටික හොයන එක පැහැදිලිවම හොඳයි, හොයන්න ඕනේ. ඒකනේ අද අපි හිනාවෙලා මේ තැනට මෙහෙම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ අතේ කුණු නෑ, අපේ අතේ ලේ නෑ.”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES