30.4 C
Colombo
Wednesday, April 24, 2024

ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය ජාවාරමට කුමන්ත්‍රණය කළ බවට සාක්ෂි නැහැ – ඉන්දීය මහාධිකරණය

- Advertisement -

ආර්යන් ඛාන් සහ ඔහුගේ මිතුරන් වන අර්බාස් මර්චන්ට් හා මුන්මුන් ධමේචා යන අය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සිදු කිරීම සදහා සැලසුම් කළ බවට සාක්ෂි නොමැති බව බොම්බේ මහාධිකරණය ඊයේ (20) නිකුත් කළ නියෝගයකින් ප්‍රකාශ කරනු ලැබුවා.

ඔවුන් අතර සිදුවූ වට්ස්ඇප් සංවාදවල පිළිකුල් සහගත කිසිවක් හමු නොවූ බවද අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ආර්යන් ඛාන්, අර්බාස් මර්චන්ට් සහ මුන්මුන් ධමේචා එකම යාත්‍රාවක ගමන් කළ පමණින්, ඔවුන්ට එරෙහි කුමන්ත්‍රණ චෝදනාවට එයම පදනමක් විය නොහැකි බව ඔවුන්ට ඇප ලබාදීමට ඇති සාධාරණත්වය පැහැදිලි කරමින් අධිකරණය ප්‍රකාශ කළා.

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සති තුනකට පසු පසුගියදා ඇප නියම වුණා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ( NCB) විසින් කෲස් නැව් සාදයක ​​මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පැය කිහිපයකට පසු ඔක්තෝබර් 3 වන දින ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

විශේෂ අධිකරණය විසින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තිදෙනා මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අනතුරුවයි.

ඔවුන්ට ඇප ලබාදීමට එරෙහි වෙමින් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණය හමුවේ පැවසුවේ මෙම විත්තිකරුවන් විශාල මත්ද්‍රව්‍ය කුමන්ත්‍රණයක කොටස්කරුවන් බවයි.

RECENT ARTICLES - SINHALA

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...