32 C
Colombo
Sunday, June 4, 2023

තියෙනවා කිව්වට පොහොර නෑ – ඇමති ගොවීන්ගෙන් සමාව ගනියි

- Advertisement -

ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක අමාත්‍යවරයෙකු වශයෙන් තමන් පොහොර හිඟය ගැන ගොවීන්ගෙන් සමාව අයැදින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහ කන්නයේ සිට කාබනික පොහොර පමණක් යොදා ගැනීමේ ජනපති යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරට පවතින බවට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ කර තිබුණද පොහොර නොලැබීම හේතුවෙන් ගොවීන් රැසක් පීඩාවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ අඩු පෝෂණය සහිත ගැබිනි මව්වරුන් සඳහා සහන මලු ලබා දීමේ වැඩසටහනකට ඊයේ (27) දින හම්බන්තොට සිසිලසගම සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී සම්බන්ධ වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

කෙසේවෙතත්, පොහොර හිඟය හේතුවෙන් ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ආනයනය කිරීමට රජය තීරණය කර තිබූ නමුත්, කාබනික පොහොර සහ රසායනික පොහොර යන දෙවර්ගයම ආනයනය නොකිරීමට ඉන් පසුව තීරණය වූ අතර මෙම තත්වය හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා,

” ඇත්තටම මේ ගොවි ජනතාවගෙන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි කණගාටු වෙනවා. මම නම් ඇත්තටම මේ ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයේ කෙනෙක් විදියට පොහොර හිඟයට මුහුණ දී සිටින ගොවීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මොකද අපිට ඇත්තටම මේ කන්නයේ යම් පිරිසිකට ඒ කටයුත්ත කරන්න බැරිවෙලා තියෙන එක ගැන.

ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම නැවැත්තුවේ මුලික අරමුණක් තිබුණා එළැඹෙන මාස් කන්නයේ ඉඳලා මේ කටයුත්ත සාර්ථක කරන්න පුළුවන් කියන අදහසින් තමයි එතුමා මේ නතර කිරීම කරේ. ඒ වෙලාවේ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව අමාත්‍යංශය දැනුම් දුන්නේ යල කන්නයට ඇතිවෙන්න පොහොර තියෙනවා කියලා. නමුත් අවාසනාවකට එය යම් ප්‍රදේශයකට දෙන්න බැරිවුණා. ඒ ගැන තාමත් අපි කණගාටුවෙනවා. කැබනට් මණ්ඩලයේ 3 වතාවක් කතා කළා. තාමත් ඒ ගැන විසඳුමක් දෙන්න බැරි වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒක පිළිබඳව නැවතත් කණගාටු වෙනවා.” 

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...