27.4 C
Colombo
Wednesday, June 7, 2023

ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වනතුරු ජයිකා ආධාර නැහැ – නිමල් සිරිපාල

- Advertisement -

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12 ක වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ පෙරේදා (19) පාර්ලිමේන්තුවේ දී බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසින් වාචික පිලිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඔහු මේ පිළිබඳව ජයිකා සංවිධානය සමඟ සාකච්ඡා කළ බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූවායින් පසු දැනට නවතා දමා ඇති සියළු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකියාව ඇති බවට එම සංවිධානය විසින් පවසා සිටි බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය අපි ආරම්භ කළේ ජයිකා සංවිධානය මගින් ලබා දෙන ලද ණය මත. ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක කර ගෙන එනකොට ඔබ දන්නවා අපි, ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශයට පත් කළ වහාම ජයිකා සංවිධානය තමන්ගේ Projects, මේක විතරක් නෙවෙයි අපේ 12ක් තිබුණා ලංකාවේ, මේ 12ම suspended කළා. මේක තාවකාලිකව නතර කළා ණය ප්‍රතිව්‍යූහගත කරලා ඉවර වෙනකන්. මම ජයිකා සංවිධානය සමඟ විශේෂ සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ඔවුන් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූවායින් පසු නැවත මේවා පටන් ගන්න පුළුවන්. නමුත් ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නැතුව, අපට ණය ගෙවීමට තියන හැකියාව පිළිබඳව ඒ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් සහතිකයක් දෙන්නේ නැතුව ඔවුන්ට දිගටම ණය දෙන්න පුළුවන්කමක් නැහැ කියන කාරණය.”

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...