28.4 C
Colombo
Friday, April 26, 2024

දක්ෂයෙක් උනාට සහයෝගය නොමැතිව සාර්ථක වෙන්න බෑ – ජනපති

- Advertisement -

පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ඊයේ (19) දින පෙරවරුවේ පැවැති 96වන විසිරයාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් වියයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්මවිශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මීට වසර පනහකට පමණ පෙර, යුද හමුදාවේ 4වන බඳවා ගැනීමේ කණ්ඩායමේ අධිකාරියට පත්කිරීමේ පෙළපාළියේ දී තරුණ කෙඩෙට් නිලධාරියෙකු ලෙස අද ඔබ සියලු දෙනා සිටගෙන සිටින ස්ථානයේ මම ද සිටගෙන සිටියෙමි.

මගේ හමුදා දිවිය පුරාවට මා ලබාගත් පුහුණුව, ලැබූ අත්දැකීම් සහ මා තුළ ඇති කළ ගුණාංග මා මේ රටේ ඉහළම ධුරයට තේරී පත්වීමට අත්‍යවශ්‍ය සාධක වූ බවට කිසිදු පැකිළීමකින් තොරව පැවසීමට මම කැමැත්තෙමි. ඔබ නිලයන් හරහා ඉහළට ගමන් කරන විට, ඔබේ වගකීම් ද ක්‍රමයෙන් වැඩි වනු ඇත.

කවදා හෝ ඔබ අතරින් කෙනෙකු හමුදාපති විය හැකි අතර සමස්ත සංවිධානයට හා එහි සිටින සාමාජිකයන්ට වගකිවයුතු අයකු වනු ඇත. ඔබ මෙම ගමන ආරම්භ කරන විට, ඔබේ අණ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව ඔබ වටහා ගත යුතුයි.

එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට ක්‍රියාකිරීම ඔබේ වගකීමකි. මෙය සිදුකිරීම සඳහා ඔබේ ඒකකය හොඳින් පුහුණු වූ සෞඛ්‍ය සම්පන්න සහ රාජකාරියට සුදුසු බව සහතික කළ යුතු බැවින්, ඔවුන්ගේ සුබසාධනය ගැන හොඳින් සැලකිලිමත් වියයුතු අතර එවිට ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී.”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...