29.7 C
Colombo
Thursday, April 25, 2024

රනිල් මගේ යාලුවා ; ඒත් ජාතික ආණ්ඩු එපා..! – මහින්ද

- Advertisement -

රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බවට පැතිර යන ප්‍රචාරයන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර සිටිනවා.

රනිල් වික්‍රමසිංහ යනු තමන්ගේ හොඳ මිතුරෙකු වූවත්, ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් එක ආණ්ඩුවක වැඩ කිරීම අසීරු බවයි ඔහු පවසන්නේ.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම උදෙසා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සිදුවන්නේ දැයි අරලියගහ මන්දිරයේදී මාර්තු 11 වැනිදා පැවති හමුවකදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර ඇති අතර ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය නොමැති බවත්, කිසිඳු පක්ෂයක් සමග ජාතික ආණ්ඩුවක් හදන්නට සාකච්ඡා නොකරන බවත්, තනිව අර්බුදය විසඳීමට රාජපක්ෂවරුන්ට හැකි බවත් අගමැතිවරයා එහිදී අවධාරණය කර ඇති බව පුවත්පත අවධාරණය කර සිටිනවා.

මේ අතර, ‘ජාතික සංවිධාන එකමුතුවේ’ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අනුදැනුම මත නිර්මාණය කෙරෙන බවට පැවසෙන ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය රාජිත සේනාරත්න බවත් ය.

RECENT ARTICLES - SINHALA

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...