25 C
Colombo
Saturday, February 4, 2023

දේශීය ණය ප්‍රතිව්‍යූහතකරණය කිරීමක් අවශ්‍ය නෑ..!

- Advertisement -

දේශීය ණය ප්‍රතිව්‍යූහතකරණය කිරීමක් අවශ්‍ය නොවන බවත්, දැනට ඇත්තේ විදේශ ණය ගෙවීමේ අපහසුතාවයක් බැවින් කළ යුත්තේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඊයේ (08) පස්වරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්.

“මගේ පුද්ගලික අදහස විදිහට ප්‍රතිව්‍යූහගතකරණය දැන් තියෙන්නේ Balance of Payment crisis එකක්, විදේශ විනිමය පිිබඳ අර්බුදයක් තියෙන්නේ. එතකොට විදේශ ණය ගෙවීමේ අපහසුතාවක් තමයි තියෙන්‌නේ. දේශීය ණය ගෙවීමේ අපහසුතාවයක් නෙවෙයි.

එතකොට ප්‍රතිව්‍යූහගත කළ යුත්තේ විදේශීය ණය හෝ එතනින් එහාට ගියොත් විදේශ විනිමය වලින් foreign currency denominated loans ඒ කියන්නේ ඒක ගෙවන්න විදේශ විනිමය ඔ්නනේ.

දැන් රුපියල් තියාගෙන ඩොලර්ස් loans ගෙවන්න බැහැනේ. එතකොට රුපියලෙන් තියන රජයේ ණය මගේ මතය අපි සාකච්ඡා කරගෙන යනකොටත් ඒ මතය තමයි මම පුද්ගලිකව අරන් යන්නේ අපි ගත යුතු තීරණය ‌දේශීය ණය, රුපියල්වලින් තියන ණය ප්‍රතිව්‍යූහගත කළ යුතු නැහැ. කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක ගෙවන්න නොහැකි නම් ප්‍රතිව්‍යූහගත කරන්න ඔ්න. දැන් ඔබතුමා බැංකුවකින් ණයක් ගත්තාම ප්‍රතිව්‍යූහගත කරන්නෙ ණය ගෙවන්න බැරිනම්නේ. ගෙවන්න පුළුවන්නම් ණය ප්‍රතිව්‍යූහගත කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් ඒ simple Principle එක තියෙන්නේ. “

RECENT ARTICLES - SINHALA

BREAKING – එලිෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සිටි අරගලකරුවන්ට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

0
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ක්‍රියාත්මක වූ සාමකාමී අරගලය විසිරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
උසස් පෙළ විභාග සමයේ පැවැත්වෙන කාලසීමාවේ දී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කර ලෙස...

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් ඉවත් වෙයි

0
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් අද (03) එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Power cuts during A/L: Supreme Court rejects to issue interim order preventing power cuts

0
The Ceylon Electricity Board (CEB) informed the Supreme Court that it would withdraw the assurance to refrain from imposing power cuts until...

Two PUCSL members resign

0
Two members of the Public Utilities Commission of Sri Lanka, Mohan Samaranayake and Udeni Wickremasinghe handed over their resignation letters.

China hits back at Nuland’s ‘not enough’ remark, says to do something to help...

0
Chinese Foreign Ministry Spokesperson Mao Ning hit back at US Under Secretary of State for Political Affairs Victoria Nulandwho said during her...