සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තෙක් ශ්‍රී ලංකාවට නව අරමුදල් පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව විදේශ විනිමය සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අනුගමනය කළ යුතු බවයි ලෝක බැංකුව එහි සඳහන් කර තිබෙන්නේ.
ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ලබා දී ඇති බවත් මීට අමතරව, දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපෘති මූලික සේවාවන්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල්වල ලබාදෙන ආහාර සඳහා අඛණ්ඩව සහාය දක්වන බවත් ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්