32 C
Colombo
Saturday, April 20, 2024

හෙට දරුවන් පාසල් පැමිණීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි – ඇමති දිනේෂ්

- Advertisement -

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාත්, බස්නාහිර සිට නැගෙනහිර දක්වාත් විසිරී සිටින පාසල් දරුවන් හා ගුරුවරුන් හෙට පාසලට පැමිණීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කරන්නේ පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බවයි.

අධ්‍යාපනය යනු ජාතියේ අනාගතය බවත් ජාතියේ දියුණුවේ ශක්තිය බවත් ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමට ජනාධිපති, අගමැති සහ මුදල් අමාත්‍යවරයා මැදිහත් වී විශ්වාසනීය විසඳුමක් ඉදිරිපත් කර ඇති බවත් නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම කලකින් නුදුටු සිය සිසු දරු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දකින්නට ගුරු පියවරුන් ගුරු මෑණිවරුන් හෙට පාසලට එනු ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

හෙට (21) දිනයේ සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සිසුන් 200 ට අඩු පාසල්වල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරුණත් වර්ජනයේ නිරත ගුරු සංගම් ඊට සිය විරෝධය පලකර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...