32 C
Colombo
Tuesday, February 18, 2025

ගාසා තීරයේ කිසිවෙකුටත් ආරක්ෂාවක් නැහැ – එක්සත් ජාතීන්

- Advertisement -

ගාසා තීරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය වැඩි දුරටත් පවසන්නේ වර්ධනය වෙමින් පවතින ගැටුම් මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ රැඳී සිටින සරණාගතයින්ට පවා ආරක්ෂාව සැපයිය නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සහන කඳවුරු 50ක් පමණ මේ වන විට යුද ගැටුම්වලින් බලපෑමට ලක්ව ඇති අතර ඉන් 5කට පමණ සෘජුවම ප්‍රහාර එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු සඳහන් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ අරක්ෂාව යටතේ රැඳී සිටි පිරිසෙන්ද 38 ක් පමණ මේ වන විට මිය ගොස් ඇති අතර උතුරු ගාසා තීරයේ වර්ධනය වන ගැටුම් සමඟ එම සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වනු ඇති බවට ඔවුන් මත පළ කරනවා.

මේ අතර, පලස්තීන සරණගතයින්ට සහන සලසන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය පවසන්නේ ගාසා තීරය තුළ මිලියන 1.5 කට වැඩි ජනතාවක් මේ වන විට අවතැන් වී ඇති බවයි.

එමෙන්ම 600,000 කට ආසන්න පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සහන් කඳවුරුවල රැඳී සිටින බවද එම ආයනතනය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES