ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පොලිස් දෙපාර්තුමේන්තුවට කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අද (25) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී වැඩ භාර ගැනීමෙන් පසුව විජිත හේරත් මහතා මෙසේ පවසා සිටියා.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
විජිත හේරත් මහතා තවදුරටත් පවසා ඇත්තේ, වර්තමාන ආණ්ඩුව යටතේ එවැනි දේ නොවීම නිසා පරණ සංස්කෘතිය වෙනස් කර අලුත් සංස්කෘතියක් ඇති කළ යුතු අතර දේශපාලන වශයෙන් ජාතික ජනබලවේගයට හිතවත් කෙනෙක් වරදක් කළත් විශේෂයෙන් සැලකීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
මෙරට ජනතාව ජාතික ජනබලවේගයට බලය ලබා දී ඇත්තේ එවැනි වෙනසක් අපේක්ෂාවෙන් බවත්, පොලිසිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජනතාව තුළ විශ්වාසය බිඳ වැටී තිබූ බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා,
“අතීතයේ පැරණි සහ වැරදි පුරුදු වෙනස් කරන ලෙස අපි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි ඔබට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා වගේම, ස්වාධීනව කටයුතු කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන් ලෙස ඔබේ යුතුකමයි.”