27 C
Colombo
Saturday, May 24, 2025

විල්පත්තු හරහා කිසිම මාර්ගයක් ඉදි වෙන්නේ නෑ – ඇන්ටන් ජයකොඩි

- Advertisement -

විල්පත්තුව අභය භූමිය හරහා වන මාර්ගය විවෘත කරන්නැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා සමග මන්නාරම ජනතාව මෙන්ම පුත්තලම ජනතාවගෙන් ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බව පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි පවසනවා.

මෙම මාර්ගය කාලයක් තිස්සේ පැවති බවත්, ගංවතුර සහ විවිධ පාරිසරික තත්ත්ව මත වසර කිහිපයක සිටම භාවිතයෙන් තොරව තිබෙන බවත් ඔහු පවසනවා.

එබැවින් විල්පත්තුව අභය භූමිය හරහා වන මාර්ගය කිසිසේත්ම අලුතින් හදන එකක් නොවන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවා.

මේ අනුව, ජනතාවගේ ඉල්ලීම සලකා බලා පාරිසරික තත්ත්ව විමසා අවශ්‍යතාව මත ඉදිරි කටයුතු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.

විල්පත්තු අභය භූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඉකුත් (07) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, මේ වන විට විල්පත්තු අභය භූමිය හරහා වැටී තිබෙන මාර්ගය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධි විධානයන්ට යටත්ව පවත්වා ගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් වුණා.


RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...