නිව්යෝර්ක් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල් තුනක් ප්රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවිය හැකි බවට ඇති බිය හේතුවෙන් ජනප්‍රිය Netflix කතා මාලාවක් වන Squid Game කතාවෙහි නිරූපනය කරන ඇඳුම් පැළඳුම් හැලෝවීන් උත්සව සඳහා තහනම් කර තිබෙනවා.
මේ වන විට Netflix හි වැඩියෙන්ම නරඹන දකුණු කොරියානු ත්‍රාසජනක කතා මාලාව වන Squid Game කතාන්තරය විශාල මුදල් ත්‍යාගයක් සඳහා ළමා ක්‍රීඩා මාලාවකට තරඟ කරන, ණය බරින් පෙළෙන පුද්ගලයින් පිළිබඳ කතාවකින් යුක්ත වෙනවා.
එහි ඇති භයානක අන්තර්ගතය හේතුවෙන් එය නැරඹීම “ප්රචණ්ඩ පණිවිඩ” ලබා දෙනු ඇතැයි සඳහන් කරමින් මේ වන විට පාසල් විසින් දෙමාපියන්ට විද්‍යුත් තැපැල් යොමු කිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.
ඒ අනුව පාසල් උත්සවවලදී Sqiud Game නිරූපනය කරනු ලබන ඇඳුම් “නුසුදුසු” බවට දෙමව්පියන් දැනුම්වත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
නිව්යෝර්ක් හි Fayetteville-Manlius පාසල් දිස්ත්‍රික්කයේ පාසල්වල ආයුධ ලෙස අර්ථ දැක්විය හැකි ඉතා භයානක අයිතම සහිත හැලොවීන් ඇඳුම් තහනම් කිරීමේ මාර්ගෝපදේශ දැනටමත් ක්‍රියාත්මකයි.
එහි අධීක්ෂක ආචාර්ය Craig Tice ‘CBS’ පුවත් වෙත පවසා තිබුණේ සිසුන් විවේක වේලාවන්හි මාලාවේ දර්ශන නැවත රඟපාමින් සිටි බවයි.
මෙම කතා මාලාව Netflix විසින් වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා ශ්‍රේණිගත කර තිබෙනවා.
එයින් අදහස් වන්නේ කතාමාලාව “වයස අවුරුදු 17 සහ ඊට අඩු අයට සුදුසු නොවිය හැක” යන්නයි.
කෙසේ වෙතත් ඇතැම් දෙමාපියන් පාසල්වල මෙම Sqiud Game ඇඳුම් පැළඳුම් තහනම ගැන නොසතුටෙන් සිටින බවද වාර්තා වනවා.
“එය ඇඳුමක්. ඔබේ දරුවන්ට කතා මාලාව නැරඹීමට ඉඩ දෙන්න එපා,” කෝපයට පත් කාන්තාවක් CBS පුවත් සේවය වෙත පවසා තිබුණා.
Sqiud Game 2021 සැප්තැම්බර් 17 වන දින Netflix ඔස්සේ විකාශය වීම ආරම්භ වීමත් සමඟ ලොව පුරා විචාරක පැසසුමට සහ ජාත්‍යන්තර අවධානයට ලක් වුණා.
එය විකාශය කළ දින සිට පළමු සති හතර තුළ මිලියන 142කට වඩා සාමාජිකයන් පිරිසක් ආකාර්ශනය කරගැනීමට ද සමත් වුණා.