මෙරටට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ ප්‍රේෂණ මත කිසිඳු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව කියා සිටින්නේ අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කරන බවට පැතිර යන ප්‍රචාරය සම්පුර්ණයෙන් සාවද්‍ය බවයි.
මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යහාරය මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්ථනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවයි මහ බැංකුව පවසන්නේ.
මහ බැංකු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ විදේශගත සිටින සේවා නියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් කිසිඳු වෙනසකින් තොරව ලබාදෙන බවයි.