ගිලෙන රාජපක්ෂ නැවෙන් දිලිත් පනියි?

කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්, උපකාරයෙන් හෝ අනුබලයෙන් තමා කිසිදු ධනයක් අත්පත් කරගෙන නොමැති බව දෙරණ මාධ්‍යජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා පවසනවා. ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්. ‘පැන්ඩෝරා පත්‍රිකා’ හරහා හෙළිවූ රහස් මූල්‍ය ගණුදෙනු පිළිබඳව රාජපක්ෂවරයෙකුගේ නම ඈඳී ඇති පසුබිමක ඔහු මෙම සටහන තැබීම විශේෂත්වයක්.