31 C
Colombo
Friday, May 20, 2022

උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් රෝහලක ගින්නෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට

- Advertisement -

උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කරන තාවකාලික රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ටෙටෝවෝ නගරයේ ප්‍රධාන පාරක් අසල ගොඩනැගිල්ලක් ගිනිගෙන දැවෙන ආකාරයත් ඝන කළු දුමාරයක් අහසට පාවෙන අයුරුත් සමාජ මාධ්‍යවල හුවමාරු වූ දසුන් වල සටහන් වී තිබුණා.

ගිනි නිවන භටයින් පැයකට අඩු කාලයක් තුළදී ගින්න මැඩපැවැත්වීමට සමත් වුවත් සිදුව ඇති විනාශය බරපතල බවයි සඳහන්වෙන්නේ.

මේ අතර සෞඛ්‍ය ඇමති වෙන්කෝ පිලිප්ස් අනතුරු අඟවා ඇත්තේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

“මෙය ඉතා කණගාටුදායක දිනයක්” යැයි ඔහු මේ පිළිබඳ ට්විටර් ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පවසනු ලැබුවා.

ස්කොප්ජේ අගනුවර රෝහලකට රෝගීන් කිහිප දෙනෙකු හදිසි තත්ත්වය යටතේ මාරු කර යැවූ බව ද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෝහලේ කාමර තුළ ඔක්සිජන් සිලින්ඩර පුපුරා යාමෙන් ගින්න ගොඩනැගිල්ල තුළට වේගයෙන් පැතිර යාම සිදුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...