27.8 C
Colombo
Wednesday, June 25, 2025

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවත් කල් යන ලකුණු

- Advertisement -

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුරය අතර කොටස නවීකරණය කිරීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් ජනාධිපතිවරණය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කළේ මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ට සහ ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින්.

ඒ අනුව, පසුගිය 19,20,21 සහ 22 යන දිනවල කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

ඊට හේතු වී ඇත්තේ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව එම මාර්ගයේ සංඥා පද්ධතිය ද නවීකරණය සඳහා සැලසුම් සකස්කළ ද ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන අනුමත නොවීම හේතුවෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය හරස් මාර්ග 47ක් පවතින අතර ප්‍රධාන මාර්ග හරහා පිහිටි දුම්රිය හරස් මාර්ග 15ක් සහ ඉන් 09ක් රථවාහන බහුලව ගමන් ගන්නා ප්‍රධානතම මාර්ග හරහා ගමන් කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ එම මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කළහොත් ප්‍රධාන මාර්ග හරහා වැටී ඇති දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂිත ගේට්ටු ක්‍රියාකරවීම සඳහා කම්කරුවන් යෙදවීමට අවශ්‍ය වන බවයි.

අනෙකුත් දුම්රිය හරස් මාර්ග සඳහා අනතුරු ඇඟවීමේ පුවරු සවි කිරීමට අවශ්‍ය බවද දෙපාර්තමේනතුව පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කළද දෛනිකව මහව සහ අනුරාධපුරය අතර සිදුකෙරෙන දුම්රිය ගමන්වාර 22කම ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේවෙතත් සංඥා පද්ධතිය නවීකරණය සමග යළි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට තවත් මාස 04කට අධික කාලයක් ගත වනු ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

POPULAR ARTICLES