31.1 C
Colombo
Tuesday, July 8, 2025

එක හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නැහැ – අනුර

- Advertisement -

තම රජයක් යටතේ කිසිදු ආකාරයකින් සහල් ආනයනය නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, පොළොන්නරුව අරලගන්විල පැවති ජන හමුවක් අමතමින්.  

භාණ්ඩාගාරයට පැමිණෙන මුදල් කිසිදු නාස්තියකින් තොරව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් කටයුතු කරන බව ඔහු මෙහිදී පවසා සිටියා.

අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේ අතරමැදි කන්නයක් සමඟින් කන්න තුනක් වගා කිරීම සඳහා ජාතික ජනබලවේගය සැලසුම් සකස් කර ඇති අතර සහල් ඇටයක් හෝ පිටරටින් ගෙන්වා ගැනීමට කටයුතු නොකරන බවයි.

“පාලකයන් හැමදාම කළේ ජනතාව රැවටීමකට ලක් කරපු එක, සැපැතැම්බර් 21 වෙනිදා අපි පළවෙනි වතාවට ජනතාවගේ හයිය පෙන්නන්න සූදානම්. අපි සහතික වෙනවා භාණ්ඩාගාරයට එන සතයක්වත් නාස්ති කරන්න ඉඩ දෙන්නේ නැතුව මේ ගම්වල අම්මල තාත්තලාගේ වැඩ කටයුතු ඉටු කරන්න ඒ සල්ලි ටික පරිස්සමින් භාවිත කරනවා. එක බිම් අඟලක් පුරන් වෙන්න දෙන්න එපා, හැම බිම් අඟලක්ම වගා කරන්න, ජාතික ජනබලවේගය සැලසුම් කරලා තියෙන්නෙ නැවත අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියල්ල නිෂ්පාදනය කරන්න”

RECENT ARTICLES - SINHALA

මුහුද ආරක්ෂා කරන මෙහෙයුම්වලට අනුමැතිය

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

“මේක අලුත් බද්දක් නෙමෙයි” – ඇමති අනිල් ජයන්ත

ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක්  සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.   අද(08) මාධ්‍ය වෙත අදහස්...

දහම්පාසල් ගුරුවරුන්ට හොද කලක්

2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට...

POPULAR ARTICLES