සියලුම මැයි රැළි නොපැවැත්වේ – යුද හමුදාපති

කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද (20) රැස්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ එකඟතාවයට පැමිණි බව යුද හමුදාපතිවරයා සදහන් කරනවා.