26 C
Colombo
Wednesday, February 19, 2025

මීළඟ අයවැයෙන් ආරක්ෂාවට කරන වියදමෙන් භාගයක්වත් අධ්‍යාපනයට නැහැ – වසන්ත අතුකෝරල

- Advertisement -

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් 86% ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

ජාතික පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ තවත් අමාත්‍යාංශ 21ක් වෙනුවෙන් වෙන් කර ඇත්තේ 14% කට වඩා අඩු මුදලක් බවයි.

මේ අතර, වෙනත් අමාත්‍යාංශ 2කට වැය කිරීමට අපේක්ෂා කරන මුදල මුළු වියදමෙන්  42% ක් බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ රටේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් කෝටි 56500 ක් වැය කිරීමට අපේක්ෂා කරන අතර එය මුළු වියදමින් 15% ක් බවයි.

මේ අතර අධ්‍යාපනය සදහා වැය කෙරෙන්නේ රුපියල් කෝටි 23700 ක් පමණක් වන අතර එය ආරක්ෂාව සඳහා කරන වියදමින් භාගයක්වත් නොවන  බව වසන්ත අතුකෝරල මහතා අවධාරණය කරනවා.

සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 44,000 ක් වෙන් කර ඇති අතර එයද ආරක්ෂක වියදමට වඩා අඩු මුදලක් බව ඔහු පවසා තිබෙනවා.

ණය ගෙවීම් හැර රජයේ අමාත්‍යාංශ 29 කට සහ විශේෂිත වියදම් ඒකකයට අදාළව වියදම් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 386,000 ක් බවත්  එය පෙර වසරට වඩා රුපියල් කෝටි 20300 ක් පමණ වැඩිවී ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නා.

ඔහු  වැඩිදුරටත් සඳහන් කළේ ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලංකාවේ ආර්ථික අර්බුදයට එහා ගිය කඩා වැටීමක් පෙන්නුම් කරන්නක් බවයි.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES