පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා.
පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව පැහැදිලි කර තිබෙනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් විසින් කමිටුවක් පිහිටුවන ලද අතර එම එක් එක් ආයතනය සඳහා අවශ්‍ය වන එම පොල් ප්‍රමාණය කමිටුව විසින් නිර්දේශ කරනු ලබන බවත් එම නිර්දේශය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් විසින් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වෙත යවනු ලබන බවත් නිවේදනයෙන් දැනුම් දෙනවා.
ඒ අනුව, කමිටුවේ අනුමැතිය අනුව එම පොල් ප්‍රමාණය ආනයනය කරනු ලබනවා.
මේ සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, සහ පොල් සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) යන, මෙම ආයතන සමග සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යංශයේ දි පසුගිය දිනයක පැවැත්වුවා.
අදාළ නිවේදනය පහතින්,
