24 C
Colombo
Sunday, January 19, 2025

බලපත්‍ර සහිත ගිනිඅවි ගැන දැනුම් දිමක්

- Advertisement -

මේ දක්වා භාරනොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලු බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි 20 වන දිනට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටිනවා.

සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් 2024 නොවැම්බර් 21 දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාර දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් දැනුම් දුන්නා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට 85% ක් පමණ බලපත්‍රලාභීන් විසින් එම ගිනිඅවි නැවත භාරදීමට කටයුතු කර ඇති බවයි.

එම පුරවැසියන්ට ගිනි අවි තවදුරටත් ලඟ තබා ගැනීමට අවශ්‍ය නම් එකී අවශ්‍යතාවය පැහැදිලි කරමින් 2024 ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන් අතර එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනි අවි පරික්ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමඟ අදාල ලේඛන ඉදිරිපත් කරන ලෙස ඔවුන් වෙත දැනුම් දී තිබෙනවා.

ජිවිත ආරක්ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනි අවියක් පමණක් ලබා දීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ තීරණය වන අතර එය ද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටින්නේ ගිනිඅවි ළඟ තබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය හා අදාළ ගිනිඅවි පරීක්ෂාව 2025 ජනවාරි මස 20 වන දින අවසන් කිරීමට නියමිත අතර බලපත්‍රලාභීන්ට එදිනට පෙර ගිනිඅවි විගණනය සඳහා ඉදිරිපත් කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES