නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නමෙහි සුළු වෙනස්කමක් පැවතීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කළේ, ඇතැම් ඡන්ද දායකයින් අලුත් හැඳුනුම්පත ලබා ගෙන තිබුණ ද, පැරණි හැඳුනුම්පත් අංකය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නිකුත්ව තිබිය හැකි බවයි.
එවැනි අවස්ථාවල ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
මැතිවරණ කොමිසම පැවසුවේ, යම් පුද්ගලයෙකුගේ නමෙහි සුළු වෙනසක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කරුණු සොයා බලා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන බවයි.