28 C
Colombo
Saturday, April 19, 2025

නිහඬ කාලය ගැන දැනුම්දීමක්

- Advertisement -

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇති.

මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙනවා.

තවද මේ වනවිටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකයින් සඳහා ප්‍රදේශයේ තැපැල් ස්ථානය වෙත ගොස් ඒවා ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කරනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා,

“දැනට දේශපාලන පක්ෂවලින් පිහිටුවා තිබෙන ඡන්ද කාර්යාල සියල්ලම වෙනස් වෙනවා. 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. එතැන් සිට මැතිවරණ කොට්ඨාසයට අදාළ වන ඒ මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යා හැකියි. ඒ හැර ඡන්ද කොට්ඨාසයට අදාළ වෙන දැනට පිහිටුවලා තියෙන 13,314 ම ඉවත්වෙනවා 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. ඊට අමතරව අලුතින් පිහිටුවන්න පුළුවන් ආසන මට්ටමින් එක මැතිවරණ කාර්යාලයක්. දැනට ඉදිරිකරලා තියෙන කාර්යාල ඉවත්කර ගන්න කියලා අපි සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒවා ඔවුන් ඉවත් කරගත්තේ නැත්නම්, පොලීසිය මඟින් ඒ කාර්යාල ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා ඇති.”

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...