24 C
Colombo
Thursday, February 13, 2025

වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ගැන දැනුම්දීමක්

- Advertisement -

වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ⁣හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව මගින් මේ බව ලිඛිතව පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

එහිදී ඒ අනුව, හිමිකම් පැවරීම / පළාත් මාරුවීම හේතුවෙන් පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස්කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්, පවතින අංක තහඩුව හැකි උපරිම කාලයක් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇති බවටයි සඳහන් වන්නේ.

එමෙන්ම, ඉදිරියේදී වාහන අංක තහඩු නිකුත් කරනු ලබන්නේ, නව වාහන ලියාපදිංචියේදී හෝ නැතිවූ, කැඩුණු, හෝ භාවිතා කළ නොහැකි ලෙස පලුදු වූ අංක තහඩු හෝ, කිසියම් හේතුවක් මත පුද්ගලයා විසින් ඉල්ලුම් කරනු ලබන අවස්ථාවකදී පමණක් බව වැඩිදුරටත් ලිපියෙහි සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES