24 C
Colombo
Sunday, January 19, 2025

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

- Advertisement -

නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට ‍දැනුම් දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු මේ පරීක්ෂා කිරීම් සිදු කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

අධික ශබ්ද සහිත සයිලන්සර්, ඝෝෂාකාරී නලා ඇතුළු අනතුරුදායක සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සොයා බලන ලෙසද උපදෙස් දී ඇතැයි සඳහන්.

මෙවැනි රථ වාහන මාර්ගයේ ධාවනය වුවද එය නුදුටුවාක් සේ රථවාහන පොලිසිය කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතුවී ඇති බවත්, එය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයටද හානියක් බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තෙ එවැනි වාහන හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා දෛනිකව පැය තුන බැගින් මෙහෙයුම් දෙකක් සෑම පොලිස් බල ප්‍රදේශයකම ක්‍රියාත්මක කළ යුතු බවටයි.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES