27.7 C
Colombo
Tuesday, May 13, 2025

අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

- Advertisement -

නිල තලවලින් ඉවත් වූ නිලධාරීන් තවදුරටත් භාවිත කරන, රාජ්‍ය දේපොළ යළි භාරගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමින්.

එම තීරණය ගෙන ඇත්තේ, නිලධාරීන් රාජකාරී කළ සමයේ ලබාදුන් රාජ්‍ය දේපොළ නිලතලවලින් ඉවත් වූ පසුව ද නීතිවිරෝධීව භාවිත කරන බවට වන පැමිණිලි ඉහළ යාමත් සමගයි.

එවැනි දේපල පිළිබඳව සොයා බලා ඒවා කඩිනමින් ආපසු භාර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

කොමිසම අවධාරණය කරන්නේ, රාජ්‍ය දේපොළ එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...