28.9 C
Colombo
Friday, June 20, 2025

යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගැන දැනුම්දීමක්

- Advertisement -

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වූ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

මෙහිදී 2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට අදාළව විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් වුණා.

ජනවාරි 05 වන විටදී සියලුම දිස්ත්‍රික්කවලට වගා හානි ගෙවීමට කටයුතු යොදා ඇති අතර, මේ වන විට 80% කට ආසන්න ගොවීන් ප්‍රමාණයකට රුපියල් මිලියන 80කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඉතිරි ගොවීන් සියලුදෙනාටම ජනවාරි 05 දින වන විටදී අදාළ වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර තිබුණා.

මෙහිදී එම වන්දි මුදල ඍජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇති අතර, මෙහිදී වන්දි මුදල් ඉතාම ප්‍රවේශම් සහිතව හා විනිවිඳව ගෙවීමට කටයුතු සලසා ඇති බව ද සඳහන් වනවා.

2024/ 2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා ඇති බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

“අපි පිරිහුණ නිසා සජබේ පතිවත බිඳිලා” – හඳුන්නෙත්ති

ජාතික ජනබලවේගය විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ස්වාධීන කණ්ඩායම්වල සහය ලබා ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයේ “පතිවත” බිඳී ඇති බව අමාත්‍ය සුනිල්...

POPULAR ARTICLES

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...