31 C
Colombo
Friday, April 19, 2024

බැසිල්ට නොතීසි..!

- Advertisement -

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන මැයි මස 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසියක් මගින් දැනුම් දෙන්නැයි පෙත්සම්කරුවන්ට අද (16) යළිත් නියෝග කර සිටියා.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිනේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නිතිපතිවරයායි.

මුදල් අමාත්‍යවරයා ඇමරිකානු පුරවැසියෙක් වන බවත් වෙනත් රටක පුරවැසියෙකුට මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝණය විමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංගණය වීමක් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...