31 C
Colombo
Friday, April 19, 2024

දුමින්දට සමාව දුන් හැටි කියන්න ගෝඨාට නොතීසි

- Advertisement -

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (24) නොතීසි නිකුත් කළා.

ඒ අදාළ පෙත්සම් මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම්වලට අදාළව මීට පෙර මෝසමක් ගොනුකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු එහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අවසර දුන් අතර එම පෙත්සම් සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට දෙසැම්බර් මස 16 වනදා අධිකරණ හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

එම නඩු විභාගය අතරතුර පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස වෙත නොතීසි යැවුවද එම නොතීසි ආපසු හරවා එවා ඇතැයි සඳහන් කළා.

එම නොතීසි “භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී” යනුවෙන් එහි සටහනක් යොදා තිබෙන බවත් නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළ බවත් එම මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කළ බවයි.

එහෙත් දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එසේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන නිසි පරිදි ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා.

ඒ තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අදාළ ජනාධිපති සමාව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...