25.9 C
Colombo
Saturday, December 14, 2024

ශානිගේ පෙත්සමට කමල්ට හා දේශබන්දුට නොතීසි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා.

ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරේ බව කියමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට නියම කරමින් එලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුණා.

රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් රිය අනතුරක් කර තම සේවාදායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ අනුව කුමන මොහොතක හෝ මෙම අපරාධය කිරීමේ හැකියාව ඇති බවත් මේ තත්වය යටතේ තම සේවාදායකයාගේ ජීවිතය අනතුරේ බවත් පවසාසිටියා.

තම සේවාදායකයාට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ආරක්ෂාව වැඩිකර ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් ලබන 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට බාරදීමට පෙත්සම්කාර ශානි අබේසේකර මහතාට නියම කළා.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. අද (13) කොළඹ පැවැති වැඩසටහනකින්...

T10 සුපර් ලීගයේ තරග පාවාදීම ගැන තවත් තොරතුරු එළියට

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...

POPULAR ARTICLES