ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක, ස්ථානගත කොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
ඒ අනුව,
නව ලිපිනිය – අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම කොමෙනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්
දුරකතන අංක : +98 939 205 5161/+98 991 205 7522/+98 936 636 0260
විද්‍යුත් තැපැල් ලිපිනය : [email protected]
ඉරානයෙන් පිට වීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස එම අමත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.