28.8 C
Colombo
Wednesday, March 26, 2025

ලියාපදිංචි නොවී ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දිමක්

- Advertisement -

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබෙනවා.

ලෙබනනයේ මේ වන විට පවතින යුදමය තත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබෙන බව පැවසෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ලෙබනනයට පැමිණ ලියාපදිංචි කාලය ඉක්මවු පසු නැවත එකී ලියාපදිංචිය යාවත්කාලීන නොකර දීර්ඝ කාලීනව රැකියාවල නියුතු වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම සහන කාලය ලබාදී තිබෙනවා.

එම සහන කාලය 2024 ඔක්තෝබර් මස 08 වන දින සිට 2025 ජනවාරි මස 08 වන දින දක්වා එනම් මාස 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක වනවා.

එකී කාලය තුළ තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචිය කඩිනමින් සිදුකර ගත හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම්දෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන නානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

01) වලංගු වීසා බලපත්‍රය සහ වලංගු ගමන් බලපත්‍රය(මෙම ලේඛණයන් තිබීම අනිවාර්ය වේ.)

02) දැනට සේවය කරන ස්ථානයට අදාළ වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) 03) උක්ත අංක (01) සදහන් ලියකියවිලි සහිත වුවත්, වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) නොමැති අය තානාපති කාර්යාලය මඟින් ලබා දෙනු ලබන ප්‍රකාශ පත්‍රිය (Self-Declaration) පිරවිය යුතු අතර, එහිදී ලියාපදිංචිය සිදුකර ගත හැක.

මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් 62ක (USD 62/-) රජයේ ගාස්තුවක් අයකරනු ලබන බව සඳහන්.

ඒ අනුව, විශේෂයෙන්ම මෙම යුද වාතාවරණය තුළ ලබා දී ඇති මෙම විශේෂ සහන කාලය මහඟු අවස්ථාවක් කර ගනිමින්, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ලියාපදිංචි විගමණික ශ්‍රමිකයන් හට හිමි වන සුබ සාධන හා රක්ෂණ ප්‍රතිලාභ හිමිකර ගනිමින් රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නා ලෙසට ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.

2024.10.13 වන ඉරු දින පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා තානාපති කාර්යාලය මේ සඳහා විශේෂයෙන් විවෘතව පවතින අතර, එදිනට පසු ඉදිරි මාස 03ක කාලය තුළ සෑම සතියේ දින පහ තුළදී ම මෙම සේවාව ලබා ගත හැකියි.

වැඩිදුර විමසීම්:
1.00961-81685186/00961-81915603
කෞෂි මෙය / කුමාරි මිය කම්කරු ලිපිකරු

  1. 00961-79125589
    ක්ෂණික ඇමතුම් අංකය තානාපති කාර්යාලය
    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බේරෑට් – ලෙබනන්

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES