29 C
Colombo
Thursday, July 17, 2025

ලෙබනනය ට සහ සිරියාව ට යන ලාංකිකයින්ට දැනුම්දිමක්

- Advertisement -

නැවත දැනුම් දෙනතුරු ලෙබනනයට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා.

එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබෙන බවයි පැවසෙන්නේ.

දැනට එම දෙරටෙහි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් නවාතැන්වලින් පිටත එහාමෙහා යාමෙන් වළකින ලෙසයි.

එසේම බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස් නුවර පිහිටි කොන්සල් කාර්යාලය සමග නිතරම සම්බන්ධව සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දෙනවා.

ඒ සඳහා [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරන ලෙසත්, පහත දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

සනත් බාලසූරිය – 0094 771102510
ප්‍රියංගි දිසානායක – 0094 718381581
ෆාහ්ඩ් හව්වා – 00961 81485809
අල් ඩ්‍රෑබි – 00963 944499666, 00963 933858803

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES