24 C
Colombo
Sunday, February 16, 2025

මාලිමා ක්‍රියාකාරිනියන්ට ජල ප්‍රහාර එල්ල කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

- Advertisement -

ඉකුත් වසරේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැති අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ විරෝධතාවක නිරතව සිටි ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයින්ට ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු පොලිසිය විසින් අවසන් කර වාර්තා ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාල පොලිස් ප්‍රහාරය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය ආචාර්ය. හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු කාන්තාවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදුකළා.

මෙම පෙත්සම අද එස්.තුරෙයි රාජා , අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව පොලීසිය විසින් විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් කොට පරීක්ෂණ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි.

එම වාර්තා අධ්‍යයනය කර ඉදිරි පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු ද සඳහන් කළේ වග උත්තරකරුවන් මීළඟ දින සිය ස්ථාවරය දැනුම් දීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම පෙත්සම අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසද අධිකරණය නියෝග කළා.

ඉකුත් වසරේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සැලකිය යුතු ආකාරයට කපා දැමීමට රජය ගනු ලැබූ තීරණයට එරෙහිව තමන් පාර්ලිමේන්තු පොල්දූව මංසන්ධියේ සාමකාමී විරෝධතාවක නිරත වූ බව පෙත්සම ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනී අමරසූරිය ඇතුළු ජාතික ජන බලවේගයේ සාමාජිකාවන් පවසා සිටියා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිසි වල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිසාව භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයා , නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES