32 C
Colombo
Tuesday, February 18, 2025

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

- Advertisement -

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මෙලෙස තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව, අද (22) පස්වරු 06 සිට හෙට (23) පෙරවරු 06දක්වා කාලය තුල මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය, මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් සමඟ කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවධානම් තත්ත්වයක් පවතින බැවින් එය මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින් හට බරපතල අනතුරු ගෙන දිය හැකියි.

එබැවින් ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වනවා.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස,

මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැකියි.

එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන වලට පමණක් උඩදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිතා කිරිමේ හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා...

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

POPULAR ARTICLES