27.8 C
Colombo
Wednesday, June 25, 2025

වකුගඩු රෝගී දීමනාව ගැන දැනුම්දිමක්

- Advertisement -

වකුගඩු රෝගීන්ට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජයේ තීරණය මෙම මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව දෙසැම්බර් මාසයෙන් පසුව එම දීමනාව කප්පාදු කිරීමට සූදානම් බවට පළවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු මත පදනම් ව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් මේ දිනවල සිදුකරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින බවත් එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආපහු ඊශ්‍රායලයට යන ලංකිකයින්ට උපදෙස් මාලාවක්

ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

POPULAR ARTICLES