මෙම මාසයට අදාළව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි ළ්ඵ් ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කල බවයි.
ඒ අනුව, 12.5 ඛ්ග් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්ද, 5Kg සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක් ලෙසද, 2.3Kg සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසද නොවෙනස්ව පවතිනවා.