28.9 C
Colombo
Thursday, March 27, 2025

මැතිවරණ කොමිසමෙන් රජයේ මුද්‍රණාලයට ලබාදුන් දැනුම්දීම

- Advertisement -

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබෙනවා.

රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය කියා සිටියේ මේ සතියේ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන මස මුල් සතියේ ආරම්භ කරන බවයි.

මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිත අතර එම මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය වෙන බවයි රජයේ මුද්‍රණාලය සඳහන් කළේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුලික අත්තිකාරම් මුදලක් මැතිවරණය කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළා.

2018 වසරේ පැවැත්වුණු පළාත් මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැය වූ මුදල රුපියල් කෝටි 20ක් වන ආර්ථික තත්ත්වය හේතුවෙන් කඩදාසි මිල සහ මුද්‍රණ වියදම ඉහළ යෑම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මේ වසරේ විශාල මුදලක් වැයවෙනු ඇති බව ගණන් බලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES