බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව වාර්තා වෙනවා.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසන්නේ ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂයන්ට මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීම සඳහා අදාළ ගුරු හිඟය උග්‍රව පවතින බවයි .
මෙම තත්වයට විසඳුමක් ලෙස පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
එමෙන්ම, දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද ධම්මිකා විජේසිංහ මහත්මිය පවසා තිබෙනවා.