27 C
Colombo
Friday, April 19, 2024

තලේබාන්වරුන් අතට පත් වූ ආයුධ තොගය ලෝකයට තර්ජනයක් විය හැකි යැයි අනතුරු ඇගවේ

- Advertisement -

ඇමරිකානු හමුදාව සහ ඇෆ්ගනිස්තාන හමුදාව සතුව තිබී තලේබාන් සංවිධානය අතට පත්වූ ආයුධ තොගය ලෝකයට බලවත් තර්ජනයක් විය හැකි බවට ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් අනතුරු අගවා තිබේ.

ඔවුන් සදහන් කර ඇත්තේ මෙම අවි ලොව පුරා ජිහාඩ් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට යොදා ගැනීමේ අවදානමක් ඇති බවයි.

ඇමරිකානු හමුදාව සතුව තිබූ ඩොලර් මිලියන 230 ක් පමණ වටිනා යුද උපකරණ තලේබාන් සංවිධානය සතුවී ඇති බව විශ්වාස කෙරේ.

ඇෆ්ගනිස්තාන පොලිසිය සතුව තිබූ ඩොලර් මිලියන 19 ක් පමණ වටිනා යුද උපකරණ ද තලේබාන්වරුන් අතට පත්ව ඇති බව පැවසේ.

යුද අවි, උණ්ඩ, යුද රථ පමණක් නොව විවිධ ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් ද මෙහිදී තලේබාන් සංවිධානය සතුව ඇති බව වාර්තා වේ.

ඇමරිකානු බ්ලැක්හෝක් හෙලිකොප්ටර්, රැසියාවේ නිෂ්පාදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් මෙන්ම බ්‍රසීලයේ නිෂ්පාදනයක් වන AN 29 ප්‍රහාරක යානා ද තලේබාන් සංවිධානය සතුවූ ගුවන් ශක්තිය අතර වේ.

මෙම තත්වය සම්බන්ධයෙන් ලෝකය වහා අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුණහොත් මෙම අවි ආයුධ ලොව පුරා විවිධ විනාශකාරී ක්‍රියාවන්ට යෙදවීමේ අවදානමක් ඇති බවත් අදාළ ආරක්ෂක විශේෂඥයෝ සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...