25 C
Colombo
Saturday, May 24, 2025

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ඉහළට

- Advertisement -

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,156,018ක් වන බව වාර්තා වනවා.

එම සේවකයින්ගෙන් සියයට 50.5ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සියයට 49.5ක් වන බව සඳහන්.

2016 වර්ෂයෙන් පසුව සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයින්ගේ සංගණනය පසුගිය වසරේ සිදුකර තිබෙනවා.

එහිදී රාජ්‍ය අංශයේ සේවකයින් 938,763 දෙනෙකු සහ අර්ධ රාජ්‍ය අංශයේ 217,255 දෙනෙකු සිටින බව අනාවරණය වී තිබුණා.

2016 වර්ෂයේ සිදුකළ සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,119,475ක් වන අතර මෙවර සංගණනයේ දී එම සංඛ්‍යාව 46,543කින් ඉහළ ගොස් තිබෙන බව පැවසෙනවා.

මෙම වාර්තාවට අනුව රාජ්‍ය අංශයෙන් වැඩිම සේවකයින් පිරිසක් මධ්‍යම රජය යටතේ සේවය කරනු ලබන අතර එය සියයට 59.5ක් වන බව සඳහන්.

මෙම සංගණනය සඳහා සියලුම රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ ආයතන ආසන්න වශයෙන් 32,500ක් පමණ සංගණනයට ලක්කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් අර්ධ රාජ්‍ය ආයතනවල අනුබද්ධිත ආයතනවල සේවකයින් මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව සඳහන් වනවා.

ඊට අමතරව යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා සේවකයින් ද මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අර්ධ රාජ්‍ය අංශයේ වතු ක්ෂේත්‍රයේ කම්කරුවන් ද මෙම සංගණනයට ඇතළත් නොවන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...