රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව එම කටයුතුවලින් ඉවත් කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.
කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, හොරණ මූලික රෝහලේ හෙද නිලධාරියෙකු මෙලෙස එම කටයුතුවලින් ඉවත් කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථානය වෙත එම එම හෙද නිලධාරියාගේ නම සහිතව නිර්නාමිකව ලද පැමිණිල්ල අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව අදාල හෙද නිලධාරියාව කාර්යාලය වෙත කැඳවා අදාළ කටයුතු වලින් වළකින ලෙස අවවාද කර තාවකාලිකව උපදේශන කටයුතු වලින් ඉවත් කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.