නුවන් තුෂාර කඩුලු තුනක් දවා ගනියි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙයි. එහිදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 24 ක් රැස්කරගෙන සිටිනවා. තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 175කි.