27 C
Colombo
Saturday, April 20, 2024

එලවළු නොමැතිව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වසාදමයි

- Advertisement -

වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් අද (21) විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව තම එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වන විට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ වන විට දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලද එළවලු මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් තොග වෙළෙන්දන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති, අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

දිනකට ලක්ෂ 25 ක පමණ එළවලු තොග පැමිණෙන මැනින් වෙළෙඳපොළට මේ වන විට ලක්ෂ 5 ක පමණ අඩු ප්‍රමාණයක එළවලු තොග ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තත්ත්වය මෙසේ පැවතියහොත් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ සියලු ආර්ථික මධ්‍යස්ථාන වැසී යන තත්ත්වයක් උදාවනු ඇති බව අරුණ ශාන්ත මහතා සදහන් කරනවා.

බොහෝ ප්‍රදේශවල එළවලු කිලෝවක සිල්ලර මිල රුපියල් 400 ක් වැනි දැරිය හැකි මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි...

විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ – කංචන

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...