24 C
Colombo
Sunday, February 16, 2025

නුවරඑළියට මහවැසි

- Advertisement -

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඊයේ (29) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හඟුරන්කෙත ප්‍රදේශ කිහිපයක ජනතාවට අනපේක්ෂිත ආපදාවකට මුහුණදීමට සිදුවුණා.

මහ වැසි සමඟ පස්කඳු සහ ගල් පෙරලීමෙන් මහනුවර – පදියපැලැල්ල මාර්ගය ස්ථාන හතරකින් අවහිර වූ අතර, රථවාහන ධාවනය ද මුළුමනින්ම නැවතී තිබෙනවා.

හගුරන්කෙත, පදියපැලැල්ල, මන්දාරම්නුවර, මතුරට සහ හේවාහැට ප්‍රදේශවලට ඊයේ (29) පස්වරුවේ සිට අද (30) පෙරවරුව දක්වා ධාරාණිපාත වැසි ඇද හැලී තිබුණා.

ගතවූ පැය විසි හතර තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ ද නුවරඑළිය දිස්ත්‍රික්කයටවන අතර එය මිලිමිටර් 150ක්.

මේ හේතුවෙන් එම ප්‍රදේශ කිහිපයක නායයෑම්ද වාර්තා වූ අතර, පදියපැලැල්ල සිට මහනුවර දක්වා දිවෙන මාර්ගය ද ස්ථාන 04කින් අවහිර වුණා.

එහි වැඩිම බලපෑමක් එල්ලවුණේ මන්දාරම්නුවර සංචාරයක කලාපයේ ප්‍රවේශ මාර්ගයේ පිහිටි කදුරකඩේ හන්දිය ප්‍රදේශයටයි.

කදුරකඩේ දිය ඇල්ලේ ජල මට්ටම අධික වැසි තත්ත්වයත් සමඟ සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, චණ්ඩ වූ ජල පහර ගස්, ගල් සහ වැලි සමඟ මෙලෙස පහළට ගසාගෙන විත් තිබුණා.

ජලගැලීම් හේතුවෙන් අවට නිවාස කිහිපයකටද හානි සිදුව තිබුණා.

රථ වාහන කිහිපයක්ද ජලගැලීම්වලට හසුව තිබූ අතර, පස් කඳු කඩාවැටීමෙන් සහ ගල් පෙරලීමෙන් පදියපැලැල්ල සිට මහනුවර දක්වා දිවෙන මාර්ගයේ රථවාහන ධාවනය ද මුළුමනින්ම ඇණහිට තිබෙනවා.

එම මාර්ගය භාවිත කරන්නන්ට, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

ප්‍රදේශයේ එලවලු වගාවන්ද ජලගැලීම් හේතුවෙන් හානියට පත්ව තිබුණා.

මේ අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මතුරට මන්දාරම්නුවර සහ පදියපැලැල්ල ප්‍රදේශවල පාසැල් ද අද (30) ක්‍රියාත්මක කෙරුණේ නැහැ.

හගුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේ හෙට (31) දිනයේදී එම පාසල් පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමේ බලය එම ප්‍රදේශවල විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES