27 C
Colombo
Friday, April 19, 2024

නවසීලන්තය 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගනී

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2 – 0 ක පූර්ණ තරගාවලි ජයක් ලබන්නට සත්කාරක නවසීලන්තය සමත් වුණා.

ඒ වෙලින්ටන් හි පැවැති දෙවැනි තරගය තවත් දිනයක් ඉතිරිව තිබියදීම ඉනිමකින් සහ ලකුණු 58කින් ජය ගනිමින්.

ඉනිම පරාජයෙන් බේරීම සඳහා ලකුණු 416ක් ලබා ගැනීමට සිදු වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගයේ සිව්වැනි දිනය නිමා වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබියදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 358ක් පමණයි.

සිව්වන දිනට තරගය ආරම්භ කරන විට මැතිව්ස් එක් ලකුණක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා ගෙන කඩුල්ලේ රැඳී සිටියා.

තරගයේ පළමු පන්දු වාරයේදීම මෙන්ඩිස් දැවී ගිය අතර ඊට ටික වේලාවකට පසු මැතිව්ස් ද නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ධනංජය සහ චන්දිමාල් පස්වැනි කඩුල්ලට ලකුණු 126ක සබඳතාවක් ගොඩ නැඟුවද ලකුණු 62ක් ලබා සිටි චන්දිමාල් දිවා විවේකයට පෙර දවා ගන්නට තික්නර් සමත් වුණා.

ධනංජය සිය ශතකය පෙනි පෙනී අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාමෙන් ලකුණු 98කට දැවී ගියා.

කසුන් රාජිත පසුපෙළ රැකගනිමින් නවසීලන්ත ජයග්‍රහණය පමා කිරීමට සමත් වුණේ මිනිත්තු 148ක් පිටියේ රැඳී සිටිමින්.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ඔහු පන්දු 110කට මුහුණ දී ලකුණු 20ක් ලබා ගෙන සිටියා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අර්ධ ශතක 4ක් වාර්තා වුවත්, කරුණාරත්න (51) , මෙන්ඩිස් (50), චන්දිමාල් (62) සහ ධනංජය (98) අනවශ්‍ය පහරවලට යෑමෙ ප්‍රතිඵලයක් ලෙස කඩුලු පූජා කරන්නට සිදුවුණා.

පන්දු යැවීමේදී තික්නර් සහ සවුතී කඩුලු 3 බැගින් දවා ගත්තා.

නවසීලන්තය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 580ක් ලබා ගෙන ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා.

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 168ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...