27 C
Colombo
Thursday, March 23, 2023

සාමාන්‍ය පෙළ දරුවන්ට අසාධාරණයක්

- Advertisement -

සමස්ථ ලංකා එක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා.

ඊට සහභාගි වූ සමස්ථ ලංකා එක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමය නියෝජිතයන් පෙන්වා දුන්නේ වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් දහස් සංඛ්‍යාත උපකාරක පන්ති ගුරුවරුන් සහ ඒ ආශ්‍රිත වක්‍ර රැකියා වල නිරත වූ පුද්ගලයින් රැසක් මෙන්ම පවුල් දහස් ගණනක් ද මේ වන විට දැඩි අසරණභාවයට පත්ව ඇති බවයි. මෙවැනි කාරණාවලදී පිළිගත් දුරදක්නා විසදුම් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.

සමස්ථ ලංකා එක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමය එක්සත් ජාතික පක්ෂය මෙරට අධ්‍යාපනයෙ උන්නතිය වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක් කළා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එක්සත් ජාතික පක්ෂ අනුබද්ධ සංවිධාන ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කර තිබුණා.

මීට සහභාගි වූ කණ්ඩායම සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ රුවන් විජයවර්ධන මහතා ඉදිරියේදී උපකාරක පන්ති ගුරුවරුන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙමින් විසඳුම් ලබා දිය හැකි පරිදි පුළුල් බලවේගයක් නිර්මාණය කිරීම සඳහා සියලු පාර්ශව එක් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා.

එම සාකච්ඡාවේදී වත්මන් අධ්‍යාපන තත්ත්වය පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ අතර එහිදී මෙවර සාමාන්‍ය පෙළ දරුවන්ට මුහුණ දීමට සිදුවිය බරපතළ අසාධාරණයක් පිළිබඳ කරුණු අනාවරණය වුණා.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට පාසල්වල ඉගැන්වීම් කටයුතු අඩාල වී ඇති බවත් මේ තත්ත්වය තුළ මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිදු කළ යුතු විෂයමාලා ආවරණය කිරීම සිදු වී නොමැති බවත් එහිදී පෙන්වා දුන් ආචාර්යවරුන්, එක් එක් ප්‍රදේශවල මෙන්ම එක් එක් දරුවන්ට ද ඉගැනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ නිර්මාණය වී ඇති විෂමතාවයන් සමඟ ජාතික මට්ටමේ පොදු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට සිදු වීම බරපතල ගැටලුවක් බවයි පෙන්වා දුන්නේ.

මේ තත්ත්වය තුළ දරුවන්ට සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගිය හොත් සාමාන්‍ය පෙළ විභාගය නීතිමය වශයෙන් පවා අභියෝගයට ලක් විය හැකි බව ද මෙහිදී අනාවරණය වුණා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...