32 C
Colombo
Friday, March 29, 2024

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ධූරය අහෝසියි?

- Advertisement -

සහල්, සීනි සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා සති කිහිපයකට පෙර පැනවූ හදිසි රෙගුලාසි අවලංගු කිරීමට රජය අවසර දී තිබේ. මේ හේතුවෙන් මේජර් ජෙනරාල් එම් ඩී එස් පී නිවුන්හැල්ල මහතා දැරූ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරය අහෝසි වී ඇති බව The Island වාර්තා කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ සේවයේ නියුතු නිවුන්හැල්ල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස නම් කිරීමෙන් පසුවයි.

2021 අගෝස්තු 30 වන දින මේජර් ජෙනරාල් නිවුන්හැල්ලගේ පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිවේදනය කරන ලදි.

මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියට අනුව පැවරී ඇති බලතල අනුව, 2021 අගෝස්තු 30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අත්‍යාවශ්‍ය ආහාර සැපයීම පිළිබඳ 5 වැනි වගන්තියට අනුව සකස් කරන ලද හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත්, මේ වන විට වෙළඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ මිල තීරණය කිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමේ නව යෝජනා ක්‍රමයේ කොටසක් ලෙස මිල පාලනය ඉවත් කර ඇති බවයි. කෙසේ වෙතත්, ආනයනකරුවන් පාරිභෝගිකයින් සූරාකෑම වැළැක්වීමට රජය අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව ආරංචි මාර්ග සඳහන් කරන අතර ඉන්දියාවේ සිට ගෙනෙන දෙවන නාඩු සහල් තොගය අද (5) කොළඹ වරායට පැමිණෙනුැති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...